Friday, March 29, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකානු සංචාරයට මැතිව්ස්ගේ සහභාගිත්වය කොටඋඩ




දකුණු අප‍්‍රිකා ටෙස්ට් තරග සංචාරය සදහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා. ඒ, ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ආබාධය හේතුවෙන් මැතිව්ස්ට ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී යැවිය හැකි වූයේ පන්දුවාර පන්්දුවාර 3 යි එක් පන්දුවක් පමණයි. 

මේ අතර, එල්.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ   ඕෂද ප‍්‍රනාන්දුට ද පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇති බවට වාර්තා වනවා. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 17 වනදා දිවයිනෙන් පිටව යාමට නියමිතයි.  පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා සෙන්චූරියන් හිදි ආරම්භ වනවා.