Wednesday, April 24, 2024

General line - 0115112241

LPL අවසන් සටනට සූරියවැව පිටිය සූදානම්




ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද රාති‍්‍රයේ පැවැත්වෙනවා. 

ඒ, තිසර පෙරේරා නායකත්වය දරන, ජැෆ්නා ස්ටැලියන්ස් සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි. පැවැති තරගවල දක්ෂතා අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටින බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේ. අද තරගය පිළිබද සූරියවැව මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේ සිට නෙත් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් ඔහු මෙලෙස අදහස් පළ කළා.

සුරියවැව, මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණය ආශි‍්‍රත ප‍්‍රදේශයට අද දිනයේ පැහැබර කාලගුණ තත්ත්වයක් පවතින බව ද ඔහු ප‍්‍රකාශ කළා.

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය අද රාති‍්‍ර 07 ට ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා සූරියවැව කී‍්‍රඩාංගනය මේවනවිටත් සූදානම් කර ඇති බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.