Friday, March 29, 2024

General line - 0115112241

රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා මරදානෙන් සොයා ගැනේ 




වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

වැලිසර පිහිටි ළය රෝහලේ ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගතව සිටි මෙම පුද්ගලයා සිදුකළ PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙක් බව හඳුනා ගෙන තිබුණා.

ඔහු රෝහල් ගතවීමේදී මරදාන ප්‍රදේශයේ ලිපිනයක් ලබාදී තිබු අතර එය ව්‍යාජ ලිපිනයක් බව පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබුණා.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට ඇති මෙම පුද්ගලයා වැලිසර රෝහලෙන් ඊයේ සවස පළා ගොස් තිබු අතර ඔහුව සොයා ගැනීම සඳහා මහජන සහය පතා පොලිසිය විසින් ඔහුගේ ජායාරූප දෙකක් ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබුවා.

මෙම කොවිඩ් ආසාදිතයා වැලිසර ළය රෝහලේ සිට මරදාන ප්‍රදේශය දක්වා පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබමින් සිටියි.