Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා මර්ධනයට රජය දරන්නේ පසුගාමී ආකල්පයක් - ජවිපෙ




කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව දරන්නේ පසුගාමී ආකල්පයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා මර්ධන එන්නතක් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීමට ආණ්ඩුව මේ දක්වා කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි. 

කොරෝනා මර්ධනය කළ හැකි බවට පැවසෙන ඖෂධ සම්බන්ධයෙන් රජය වගකිව යුතු මැදිහත්වීමක් සිදුකළ යුතු බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මෙහිදී කියා සිටියා.