Friday, April 19, 2024

General line - 0115112241

උතුර, දකුණ ගැටෙන LPL අවසන් මහ සටන තවත් නොබෝ වේලාවකින්




ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේදී මේවනවිට පැවැත්වෙනවා. අවසන් මහා තරගයේදී එල් පී එල් කිරුළ වෙනුවෙන් තරග වදින්නේ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත්, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 03 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 33ක් ලබා සිටියා.  

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද තරගයට  පිවිසෙන්නේ එක් වෙනස්කමක් සමගින්. චානක රුවන්සිරි වෙනුවට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කැදවා ඇත්තේ හස්රතුල්ලා සසායි. අවසන් මහ තරගයේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ලේ කටයුතු කරන අතර පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරනවා.