Thursday, April 18, 2024

General line - 0115112241

LPL කී‍්‍රඩා කළ සුපිරි තරුවක් කි‍්‍රකට් පිටියට සමුදෙයි




දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 02 කින් යුත් ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට කී‍්‍රඩකයින් 22 දෙනෙකු ඇතුළත්.

LPL තරගාවලියේ දී ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස්, එංගලන්ත තරගාවලිය සදහා පමණක් නම් කර තිබෙනවා. LPLතරගාවලියේ වීරයා වූ වනිදු හසරංග ද මෙම ටෙස්ට් තරගාවලි 02 සදහා නම් කර තිබීම විශේෂත්වයක්. දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුුසංඛ සහ සන්තුෂ් ගුණතිලක ද ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්. 

දකුණු අප‍්‍රිකා - ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස සෙන්චූරියන්හී දී ආරම්භ වනවා. දෙවැනි ටෙස්ට් තරගය ලබන 03 වනදා ආරම්භ වන්නේ ජොහැනස්බර්ග් හිදියි. 

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය ලබන ජනවාරි 14 වනදා ගාල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා. දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 22 වැනිදා ආරම්භ වන්නේ ද ගාල්ල කී‍්‍රඩාංගණයේදීයි.

මේ අතර මෙවර LPL කි‍්‍රකට් තරගාවලියට එක් වූ පාකිස්තාන වේග පන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් අමීර් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ, එරට කි‍්‍රකට් කළමණාකරීත්වය යටතේ තවදුරටත් කී‍්‍රඩා කළ නොහැකි බව පවසමින්.

පාකිස්තාන කණ්ඩායම මේවනවිට නවසීලන්ත තරග සංචාරයට එක්ව සිටින අතර එම සංචිතය සදහා මොහොමඞ් අමීර් කැඳවා තිබුණේ නැහැ. ”තමන් කි‍්‍රකට් වලින් ඉවත් වන්නේ නැහැ. තමන්ව ඉන් ඉවත් කරනවා.” යනුවෙන් 28 හැවිරිදි මොහොමඞ් අමීර්  ශ‍්‍රී ලංකාවේ සිටියදී පටිගත කළ වීඩියෝවක් හරහා ප‍්‍රකාශ කර ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ. එම තත්ත්වය තමන්ට මානසික පීඩනයක් බවත්, එය අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් ඉවත් වීමට හේතුව බවත්, මොහොමඞ් අමීර් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා. 

LPL තරගාවලිය නිමාවීමෙන් අනතුරුව පාකිස්තානයට පැමිණීමෙන් පසු තමන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප‍්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කරන බව ද මොහොමඞ් අමීර් මෙම වීඩියෝව හරහා සඳහන් කළා.