Thursday, April 25, 2024

General line - 0115112241

ඔලිම්පික් උළලේදී නව පිහිනුම් ලෝක වාර්තා 3ක්




මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ දෙවන දිනය වූ ඊයේ (06) පිහිනුම් ඉසව්වලින් නව ලෝක වාර්තා 3 ක් බිහිවුණා.

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ පළමු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර් 400 කේවල මිශ‍්‍ර ආර කාන්තා ඉසව්වට එක්වූ හන්ගේරියාවේ කටින්කා හොසු. ඇය විනාඩි 04 යි තත්පර 26.36 ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙම ලෝක වාර්තාව තැබුවා.

මීට පෙර එම පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ චීනයේ යේ ෂියෙන්. ඇය 2012 වර්ෂයේදී එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.

මේ අතර තමන් පිහිටුවා තිබූ මීටර් 100 ලයආර පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාව වසරක් තුළ යළි අලුත් කරන්නට බි‍්‍රතාන්‍යයේ ඇඩම්පීටි මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී සමත් වුණා. ඔහුගේ තරග නිමි කාලය තත්පර 52.92 ක් වුණා. වසර 28කට පසු බි‍්‍රතාන්‍ය කී‍්‍රඩකයෙකු පිහිනුම් කේවල ඉසව්වකින් දිනූ පළමු රන් පදක්කම මෙයවීමද විශේෂත්වයක්.

මෙවර රියෝ ඔලිම්පික් උළලේ පිහිනුම් ඉසව්වෙන් 3 වැනි ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර් 100 X04 නිදහස් ආර කාන්තා පිහිනුම් ඉසව්වට එක්වූ ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවන්. මීට පෙර එම කාන්තා පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කීවේද ඔස්ටේ‍්‍රලියාවයි.

මේ අතර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ දෙවන දිනය නිමා වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්ව සිටිනවා. එ් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්.

පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් දෙකක් දිනූ හන්ගේරියාවයි. රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4 ක් දිනූ අමෙරිකාව රියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ 3 වැනි ස්ථානයේ පසුවනවා.

Adam Peaty australia swimming team hungry girl