Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි සංචාරයට කැඳවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වීම නියමිත ටෙස්ට් තරග දෙක සදහා නම් කෙරුණු දකුණු අපි‍්‍රකානු සංචිතයේ කී‍්‍රඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ තරගාවලියට පෙර සිය කණ්ඩායමේ සිදු කළ පී සී ආර් පරීක්ෂණවලදී එම කී‍්‍රඩකයින් දෙදෙනා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි. මෙම තත්වයත් සමග මෙම කී‍්‍රඩකයින් දෙදෙනා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඔවුන් වැඩිදුර අධීක්ෂණය සදහා වෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කළ බවයි දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කී‍්‍රඩකයින් දෙපළ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ. ඒ අනුව මෙම කී‍්‍රඩකයින් දෙදෙනා වෙනුවට මුල් පෙළ පිතිකරුවෙකු වන රේනාර්ඕ ටොන්ඩර් සහ වේග පන්දුයවන කී‍්‍රඩක ලූතෝ සිම්පාලා දකුණු අපි‍්‍රකානු ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

ටෙස්ට් තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔවුන් මේ වනවිට දකුණු අපි‍්‍රකාවට ළගා වී තිබෙනවා. ශී‍්‍ර ලංකා - දකුණූ අප‍්‍රිකා පළමු ටෙස්ට් තරගය බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙසින් ලබන 26 වැනිදා ෙසෙන්චූරියන් හිදි ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජනවාරි 3 වනදා ජොහැනස්බර්ග් හිදි ආරම්භ වනවා.