Friday, March 29, 2024

General line - 0115112241

LPL නිසා යොවුන් ක්‍රීඩකයින්ට ලැබෙන වාසියක් ගැන ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකු කියයි




එල් පී එල්  තරගාවලියේදී ලද අත්දැකීම සහ පන්නරය තරගාවලියේ දක්ෂතා දැක් වූ යොවුන් කී‍්‍රඩකයින්ට විදෙස් කි‍්‍රකට් ලීග් තරග සදහා එක්වීමට කදිම පිටුවහලක් වනු ඇතැයි එල් පී එල් තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යොවුන් කී‍්‍රඩකයින් එල් පී එල් තරගාවලියේ දැක් වූ දක්ෂතා ජාතික කණ්ඩායමට එක්වීමට කදිම අවස්ථාවක් වනු ඇති බවයි.

කණ්ඩායම් හිමිකරුවන් සහ තරගාවලියට එක් වූ සියලූ පාර්ශ්ව එල් පී එල් තරගාවලිය සාර්ථක ලෙස සංවිධාන කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසාදය පළකළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් ඇතුළු පාර්ශව රැසකගේ පැමිණීමෙන් හම්බන්තොට හෝටල් කාමර 250ක අධික සංඛ්‍යාවක් මාසයකට අධික කාලයක් පිරි පැවතීම තුළින් අර්බුදයට ලක්ව තිබූ මෙරට සංචාරක කර්මාන්තයට ද යම් ශක්තියක් ලැබුණු බවයි එල් පී එල් තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික‍්‍ර‍්‍රමරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළේ.