Friday, March 29, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 36 කට දැවී ගිය ඉන්දිය කණ්ඩායම ගැන විචාරකයින් අදහස් දක්වයි 




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග ඇඩිලේඩ් ඕවල් කී‍්‍රඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 36කට දැවී යාම මේ වන විට කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වුණේ ඉන්්දීය කණ්ඩායම ටෙස්ට් ඉනිමක රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එමෙන්ම එය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කණ්ඩායමක් දැවීගිය අඩුම 5 වන ලකුණු සංඛාව සම කිරීමක් ද වනවා. 

ඉන්දීය දෙවැනි ඉනිමේදී කිසිදු කී‍්‍රඩකයෙකු ලකුණු දහයේ සීමා පසු කිරීමට අසමත් වූ අර එය වාර්තා වූයේ ජාත්‍යන්තර ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කණ්ඩායමක  සියලූම ක‍්‍රීඩකයන් ලකුණු 10 කට වඩා අඩුවෙන් දැවීගිය දෙවන අවස්ථාව ලෙසයි. එමෙන්ම දිවා රාත‍්‍රී ටෙස්ට් තරගයක කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. මෙම තරගයෙන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 8ක ජයක් වාර්තා කළ අතර ඉන්දීය කණ්ඩායම මෙම තරගයේදී පෙන්නුම් කළ දැඩි පසුබෑම සම්බන්ධයෙන් ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩකයින්ද අදහස් පළ කර තිබුණා. 

යොවුන් ආරම්භක පිතිකරු ප‍්‍රිත්වි ෂෝගේ ස්ථානය සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකු මත පළ කර තිබූ අතර ඉන්දීය හිටපු පිතිකරුවෙකු සහ ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරකයෙකු වන සුනිල් ගවස්කාර් ද ඒ පිළිබදව අදහස් පළ කළා. 

ඔහු සදහන් කර ඇත්තේ ප‍්‍රිත්වි ශෝ ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය අතර, දෙවැනි ඉනිමේ දී රැස් කළේ ලකුණු 4ක් පමණක් බවයි.

ප‍්‍රිත්වි ෂෝගේ පිතිකරණයේ තාක්ෂණික ගැටළු කිහිපයක් ඇති බැවින් ඔහු මීළග ටෙස්ට් තරගයෙන් ඉවත් කළ යුතු බවයි සුනිල් ගවස්කාර් ප‍්‍රකාශ කර ඇත්තේ. 

ඉන්දියාව ලද මෙම පරාජය සම්බන්ධයෙන් පාකිස්තාන හිටපුු වේග පන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර්ද අදහස් පළ කර තිබෙනවා. තමා අවදි වීමෙන් පසුව තරගය නැරඹූ අවස්ථාවේ දී ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 369ක් ලෙස දුටු බවයි ෂොයිබ් අක්තාර් ට්විටර් සටහනක් තබමින් සදහන් කර තිබුණේ. තමාට එය විශ්වාස කළ නොහැකි වූ බවත්, පසුව දෑස් සෝදා යළි තරගය නරඹන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 36ට 9 ක් ලෙස දුටු බවත් ෂොයිබ් අක්තාර් සිය ට්විටර් සටහනේ දක්වා තිබුණා.