Saturday, April 20, 2024

General line - 0115112241

ලබාදී ඇති ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා ටෙස්ට් තරගාවලිය ගැන සුබ ආරංචියක්




ශ‍්‍රී ලංකාවට එරෙහි දකුණු අප‍්‍රිකා ටෙස්ට් සංචිතයේ සියලූ කී‍්‍රඩකයින් කොරෝනා වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී තිබෙනවා. දකුණු අප‍්‍රිකා සංචිතයේ කී‍්‍රඩකයින් දෙදෙනෙකුට ඉකුත්දා කොරෝනා වෙරසය ආසාදනය වීමත් සමග ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අවදානමක්ද මතුව වුණා. 

කෙසේවෙතත් මේ වන විට දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලක් තුළ පැවැත්වීමට හැකි වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. කොරෝනා වෛරසය ආසාදනය වූ දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයින් දෙදෙනා තරගාවලියෙන් ඉවත් කිරීමට පියවර ගැනුනු අතර ඒ වෙනුවට තවත් කී‍්‍රඩකයින් තිදෙනෙකු සංචිතයට ඇතුළත් කිරීමට දකුණු අප‍්‍රිකා කි‍්‍රකට් ආයතනය ඉකුත්දා පියවර ගත්තා. දේශීය තරග අතරතුර දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී දකුණුු අපි‍්‍රකානු කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව ඉකුත්දා තහවුරු වුණා. 

ශ‍්‍රී ලංකාවට එරෙහිව නම් කළ දකුණු අප‍්‍රිකා සංචිතයේ කී‍්‍රඩකයින් 10 දෙනෙකු ද අදාළ තරග සදහා එක්ව තිබූ බවයි වා්රතා වුණේ. කෙසේ වෙතත් සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලට අනුව දකුණු අප‍්‍රිකා සංචිතයේ සියලූ කී‍්‍රඩකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. 

ශී‍්‍ර ලංකා - දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා සෙන්චූරියන් හිදි ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග්හී දී ආරම්භ වනවා.