Thursday, April 18, 2024

General line - 0115112241

එංගලන්ත - ශී‍්‍ර ලංකා ටෙස්ට් ගැටුමට ජැක් කලිසුත් එයි




දකුණු අප‍්‍රිකානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ, එළඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන්.

ටෙස්ට් තරග දෙකකට සහභාගිවිම සදහා එංගලන්ත කණ්ඩායම ජනවාරි මස 3 වනදා දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. ටෙස්ට් තරග පිටියේ අත්දැකීම් බහුල කී‍්‍රඩකයෙකු වන ජැක් කලිස් ටෙස්ට් තරග 166කට කී‍්‍රඩා කරමින් ලකුණු 13,289ක් රැස්කර තිබෙනවා. ටෙස්ට් කඩුලූ 292ක් බිද හෙලීමට ඔහු සමත් වුණා.

එංගලන්ත - ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජනවාරි මස 14 වනදා ගාල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.