සංජීවක ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම, චන්දනාලේප නිෂ්පාදන පෙළ ලෙබනනයට ද හඳුන්වා දී තිබෙනවා. ඒ, ලෙබනනයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්වයි.
ශ‍්‍රී ලංකා -ලෙබනන් ද්විපාර්ශවික වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින්, චන්දනාලේප නිෂ්පාදන පෙළ මෙලෙස හඳුන්වාදීම සිදුකෙරුණේ එරට බේරුට් සහ මවුන්ට් ලෙබනන් හි වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේදීයි. එහිදී, රූපලාවන්‍ය පිළිබඳ දැනුවත් ලෙබනන් වෙළඳපල වෙත, ස්වභාවික රූපලාවන්‍ය නිමැවුම්වල ජීව ගුණය පිළිබඳ ඉදිරිපත් කිරීම ද සිදුවුණා.
ලෙබනනයේ හයාත් අස්ලාන් කුමරිය, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය, ආරාධිතයින් ඇතුළු බොහෝ සම්භාවනීය පුද්ගලයින් මෙම දියත් කිරීම සඳහා එක්ව සිටිය අතර සංජීවක ආයුර්වේද නිෂ්පාදන සමාගමේ පරිණාමය පිලිබඳ වීඩියෝවක් ද එහිදී ප්‍රදර්ශණය කෙරුණා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here