Saturday, April 20, 2024

General line - 0115112241

අබුඩාබි T-10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12ක් තෝරා ගනියි




මෙවර අබුඩාබි කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් 12 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ, ඊයේ පැවති කී‍්‍රඩකයින් තෝරාගැනීමේ අවස්ථාවේදීයි. තිසර පෙරේරා, පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයා ලෙසත්, ඉසුරු උදාන,  බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයා ලෙසත් තෝරාගෙන තිබෙනවා. වනිදු හසරංග සහ චාමර කපුගෙදර තෝරාගෙන ඇත්තේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින්. 

අජන්ත මෙන්ඩිස්, පූනේ ඩෙවිල්ස් කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා. භානුක රාජපක්ෂ සහ ළහිරු කුමාර,  ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් තෝරා ගත්තා. දසුන් ශානක හා දුෂ්මන්ත චමීර තෝරාගනු ලැබුවේ දිල්ලි බුල්ස් කණ්ඩායම විසින්. නුවන් ප‍්‍රදීප් සහ මහේෂ් තීක්ෂණ, නොදන් වොරියස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබුවා. අවිශ්ක ප‍්‍රනාන්දු මෙවර ටී ටෙන් තරගාවලියේදී නියෝජනය කරන්නේ අබුඩාබි කණ්ඩායමයි.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි ටී 10 ලීග් තරගාවලිය ජනවාරි 28 වනදා ආරම්භ වන අතර අවසන් මහ තරගය පෙබරවාරි 06 වනදා පැවැත්වෙනවා.