Friday, April 19, 2024

General line - 0115112241

පවතින තත්ත්වය ගැන එංගලන්තය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ජා




කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයක් එංගලන්තය තුළ ව්‍යාප්ත වීමත් සමග එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය ද යළිත් අවධානමකට ලක්ව තිබෙනවා. එරට පවතින නවතම තත්ත්වය පිළිබද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෛද්‍ය විශේෂඥයින් අධ්‍යයනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පවතින තත්වය පිළිබදව එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් වෛද්‍ය විශේෂඥයින් අතර විශේෂ සාකච්ඡුා ද ආරම්භ වී ඇති බව  සදහන්. මේ පිළිබදව කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවියද වාර්තා කර ඇති අතර මෙම තරග සංචාරය අත්හිටුවීමට අවශ්‍ය නොවනු ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් වෛද්‍ය විශේෂඥයින් විශ්වාස කරන බවයි එහි දැක් වුණේ.

එංගලන්තයේ පැතිර යමින් පවතින සාමාන්‍ය කොරෝනා වයිරසයට වඩා 70% ක පැතිරීමේ වර්ධනයක් ඇති වයිරසයක් හේතුවෙන් ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් එංගලන්තයේ සිට පැමිණෙණ ගුවන් යානා සිය  රටවලට ඇතුල් වීම තහනම් කර තිබෙනවා.  

එංගලන්ත - ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අමතර සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගැනීමටද අවධානය යොමුව ඇති බවයි පැවසෙන්නේ. එංගලන්ත කණ්ඩායම එළඹෙන 3 වනදා විශේෂ ගුවන් යානයකින් මෙරටට ළගා වීමට නියමිතව තිබෙනවා. අනතුරුව ඔවුන් දින තුනක කාලයක් නිරෝධායනය සදහා යොමු කිරීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.

පසුව එංගලන්ත කණ්ඩායම වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරෙන අතර එම වෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන් සමත්වුවහොත් පුහුණුවීම් කටයුතු සදහා අවසර හිමි වනවා. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. තරග දෙකම ගාල්ල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 14 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.