Thursday, April 18, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා බොක්සිං දින ටෙස්ට් ගැටුම අද ඇරඹේ




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් කිි‍්‍රකට් තරගය සෙන්චූරියන්හිදි අද ආරම්භ වනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

2017 වසරෙන් පසුව දකුණු අපි‍්‍රකානු කණ්ඩායම, ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්වී නොමැති අතර අවසන් වරට පැවති ටෙස්ට් තරගාවලි දෙකම ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගෙන තිබෙනවා.

ඉකුත් වසරේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකාව ජය ගත්තේ ආසියානු කණ්ඩායමක් දකුණු අපි‍්‍රකාවේදී ලද පළමු ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය සනිටුහන් කරමින්. බොහෝ විට අද තරගයේදී කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරනු ඇති බවයි අද තරගය පිළිබද අදහස් දක්වමින් නායක දිමුත් කරුණාරත්න පැවසුවේ.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරගාවලි 12 ක් පවත්වා ඇති අතර ඉන් 7 ක ජය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් වුණා. ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලි 4 ක් ජයගෙන තිබෙනවා. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 29 ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක් ජය ගෙන ඇත්තේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමයි. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 9ක් ජය ගෙන තිබෙනවා. 
ශීී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් තරග 15 කට කී‍්‍රඩා කරමින් තරග 3 ක් ජයගත් අතර දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තරග 11 ක් ජය ගැනීමට සමත් වුණා.

අද තරගය පැවැත්වෙන සෙන්චූරියන් සුපර් ස්පෝර්ට්ස් පාර්ක් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ටෙස්ට් තරග 4 ක් පවත්වා ඇති අතර එම සියලූ තරග ජය ගැනීමට සමත්ව ඇත්තේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම සෙන්චූරියන් සුපර් ස්පෝර්ට්ස් පාර්ක් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයක් සදහා අද එක්වන්නේ වසර 9 කට පසුව ්වීම ද විශේෂත්වයක්. අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ ශී‍්‍ර ලංකා කණ්ඩායම 5 වන ස්ථානයේ පසුවන අතර දකුණු අපි‍්‍රකානු කණ්ඩායම එහි 6 වන ස්ථානයේ පසුවනවා.