Wednesday, April 24, 2024

General line - 0115112241

පන්දු යවන්නන් හොඳින් සිටියානම් තරගයක් දෙන්න තිබුණා : නායක දිමුත් කරුණු කියයි




ශී‍්‍ර ලංකා පිලේ නිත්‍ය පන්දු යවන්නන්ගේ ශාරිරික යෝග්‍යතාව හොද මට්මකින් තිබුණේ නම්, පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සිය කණ්ඩායමට හැකියාව තිබූ බව ශී‍්‍ර ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. 

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය සත්කාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 45 කින් ඊයේ ජය ගත්තා. මෙම තරගයේදී ශීී‍්‍ර ලංකා පිලේ කී‍්‍රඩකයින් 05 දෙනෙකු ආබාධවලට ලක්වීම ශී‍්‍ර ලංකා පිලේ පරාජයට හේතු වූ බවයි තරගයෙන් අනතුරුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ.

ආබාධවලට ලක් වූ කී‍්‍රඩකයින් වෙනුවට දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී අදේශ කිරීමට අපේක්ෂා කරන කී‍්‍රඩකයින් සම්බන්ධයෙන් ද නායක දිමුත් කරුණාරත්න මෙලෙස අදහස් පළ කළා.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි හුදෙකලා කිරීමේ නීති පැනවීමට දකුණු අප‍්‍රිකානු රජය ගත් පියවර හමුවේ වුව ද, දකුණු අප‍්‍රිකා - ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ගැටලූවකින් තොරව පවත්වන බව එරට කි‍්‍රකට් ආයතනය පවසනවා. 

රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් පළමු මට්ටමේ සිට තෙවන මට්ටම දක්වා අවදානම් තත්ත්වය ඉහළ නැංවීමටයි දකුණු අප‍්‍රිකා රජය පියවර ගෙන ඇත්තේ. එරට තුළ සියලූ ඒකරාශී වීම් සති දෙකකට තහනම් කර ඇති අතර ඇදිරී නීතිය ද රට තුළ කි‍්‍රයාත්මකයි. පේ‍්‍රක්ෂක සහභාගීත්වයකින් තොරව ජාත්‍යන්තර තරග රට තුළ පැවැත්වීම සදහා තවදුරටත් අවසර පවතිනවා. ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ජනවාරි මස 03 වනදා, ජොහැනස්බර්ග්හිදි ආරම්භවීමට නියමිතව තිබෙනවා.