Thursday, March 28, 2024

General line - 0115112241

රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලටත් ශී‍්‍ර ලංකාවෙන් 09 ක්




බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 09 දෙනෙකු එක් වනවා.

ඊට මලල කී‍්‍රඩකයන් 06ක් සහ මලල කී‍්‍රඩිකාවක් ඇතුළත්. ඊට අමතරව රෝදපුටු ටෙනිස් හා දුනු විදීම සඳහා කී‍්‍රඩකයන් දෙදෙනෙකුද මෙවර රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළෙළට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වනවා.

මලල කී‍්‍රඩා ඉසව් සඳහා එක්වන්නේ ගාමිණී ඒකනායක, දිනේෂ් පි‍්‍රයන්ත, සම්පත් හෙට්ටිආරච්චි, අජිත් හෙට්ටිආරච්චි, අනිල් ප‍්‍රසන්න , ඉන්දික චූලදාස සහ අමරා ඉන්දුමතීයි.

ඊට අමතරව රෝද පුටු ටෙනිස් ඉසව්ව සඳහ උපාලි රාජකරුණා සහ දුනු විදීම ඉසව්ව සඳහා සම්පත් බණ්ඩාරද මෙවර පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළලට සහභාගි වනවා.

රියෝ පැරා ඔලිම්පික් කි‍්‍රඩා උළෙල ලබන සැප්තැම්බර් මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මලල ක්‍රීඩා ( හෙල්ල විසි කිරීම )
ගාමිණී ඒකනායක (F46 )
දිනේෂ් ප්‍රියන්ත හේරත්(F46)
සම්පත් හෙට්ටිආරච්චි (F44)
අජිත් හෙට්ටිආරච්චි (T44) ( මීටර් 100,200 400 )
අනිල් ප්‍රසන්න ජයලත් ( මීටර්100,200 , දුර පැනීම )
ඉන්දික චූලදාස( මීටර්100,200 ),
අමරා ඉන්දුමතී (T47) ( මීටර් 200,400, දුර පැනීම )
උපාලි රාජකරුණා (රෝදපුටු ටෙනිස් )
සම්පත් බණ්ඩාර (දුනු විදීම )

අතිරේක මලල ක්‍රීඩකයන්
මධුරංග අල්විස් (මීටර් 100,200, දුර පැනීම )
ප්‍රදීප් සංජය ( මීටර් 400 )