Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට




අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍‍්‍රිකට් ශේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 79 ක් ලබා සිටිය දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ 34 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 9 කින්. පළමු ඉනිමේ දී ලකුණු 85 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 25 ක් රැස් කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහුට පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ 38 වන ස්ථානය හිමිව තිබෙනවා. 

දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා 60 වන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින්. ටෙස්ට් පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණි විශ්ව ප‍්‍රනාන්දු එම සටහනේ 45 වන ස්ථානයේ පසුවනවා.  

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්.  ඕස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන කී‍්‍රඩක පැට් කමින්ස් ටෙස්ට් පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවනවා.