Friday, April 19, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් රැසකට දෙවන ටෙස්ට් තරගය අහිමි වන ලකුණු




දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ප‍්‍රධාන කී‍්‍රඩකයින් පස් දෙනෙකු නොමැතිව ශී‍්‍ර ලංකා කණ්ඩායමට තරග වැදීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා.

ඊයේ පැවති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සුරංග ලක්මාල් ද අසමත් වී ඇති බවයි කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් පැවසුවේ. ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල් සහ කසුන් රාජිත ද දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ආබාධයකට ලක්් වූ ධනංජය ද සිල්වාට සති දෙකක් කි‍්‍රකට් පිටියෙන් ඉවත් වී විවේක ගන්නා ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇත්තේ. මේ හේතුවෙන් ඔහුටද දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට එක්වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගය කී‍්‍රඩා නොකළ ඕෂධ ප‍්‍රනාන්දුට දෙවැනි ටෙස්ට් තරගය ද අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

වනිදු හසරංගගේ සහභාගීත්වය ද මෙතෙක් තහවුරු වී නැහැ. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයින් රැසක් ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙතෙක් ටෙස්ට් වරම් ලබා නොමැති අසිත ප‍්‍රනාන්දුට දෙවන ටෙස්ට් තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම දුෂ්මන්ත චමීරටද දෙවන ටෙස්ට් තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති.

පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා නොකළ ළහිරු තිරිමාන්න දෙවන ටෙස්ට් තරගයේ දී අංක 4 පිතිකරු ලෙස ක‍්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වන්නේ. 

යොවුන් කී‍්‍රඩක මිනෝද් භානුකට ද දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ටෙස්ට් වරම් හිිමිවනු ඇති බව වාර්තා වනවා.

මේ වන විට ආබාධයන්ට ලක්ව සිටින ඇතැම් ක‍්‍රීඩකයින්ට ලබන 14 වනදා එංගන්තයට එරෙහිව ගාල්ලේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල්ට සහ සුරංග ලක්මාල්ට එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග් හිදි හෙට ආරම්භ වීමට නියමිතයි.