Thursday, April 18, 2024

General line - 0115112241

පිට පිට තුන්වන වරටත් දැල්පන්දු කිරුල ශ්‍රී ලංකාවට අහිමිවෙයි




ශී‍්‍ර ලංකාව පරාජය කරමින් වසර 31කට පසු ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනා ගැනීමට මැලේසියාව අද (07) සමත්වුණා.

ඒ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති දස වැනි ආසියානු තරගාවලියේ අවසන් මහ තරගයේදී ශී‍්‍ර ලංකාව ලකුණු 41ට 31ක් ලෙස පරාජය කරමින්.

මැලේසියානු කී‍්‍රඩිකාවන් ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනා ගත් දෙවන අවස්ථාව මෙය වනවා.

ශී‍්‍ර ලංකාව සිවුවරක් ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් අතරට ඔවුන් මෙවර ශූරතාව අහිමි වුණේ පිට පිට තුන්වැනි වතාවටයි.

2012 සහ 2014 වර්ෂවල පැවැති ආසියානු දැල පන්දු තරගාවලිවලදීද ශී‍්‍ර ලංකා ක‍්‍රීඩිකාවන්ට සිදු වූයේ අනුශූරතාවයෙන් සෑහීමටකට පත්වීමටයි.

Gold Medal – Malaysia
Silver Medal-Sri Lanka
Bronze Medal – Singapore
4th Place – Hong Kong
5th Place –Thailand
6th Place – Brunei
7th Place – Chinese Taipei
8th Place – Japan
9th Place – Afghanistan

13933036_10210297292815036_1915066057_n

13940053_10210296718480678_669480354_o