Tuesday, April 23, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස්ගේ පිතිකරු ස්ථානයේ වෙනසක් - දැඩි සෞඛ්‍ය රැකවල් මැද එංගලන්ත පිලත් මත්තලට




ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් තහවුරු කර ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග අද ආරම්භ වන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය නවක කී‍්‍රඩකයින්ට කදිම අවස්ථාවක් බව ශී‍්‍ර ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා. ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග් හිදි අද ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 1.30ටයි. 

නවක කී‍්‍රඩකයින් සමග දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බවයි නායක දිමුත් කරුණාරත්න වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් කියා සිටියේ.

ශී‍්‍ර ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ ප‍්‍රබල කී‍්‍රඩකයින් පස් දෙනෙකු නොමැතිවයි. දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර,   ඕෂධ ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධවලට ලක්වීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයට කී‍්‍රඩා නොකරන බවයි නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ.  සුරංග ලක්මාල් සහ වනිදු හසරංග දෙවැනි තරගය සදහා කී‍්‍රඩා කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඔවුන් අද දිනයේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සදහා මුහුණ දෙන අතර ඉන් සමත් වුවහොත් සුරංග ලක්මාල් සහ වනිදු හසරංග දෙවැනි ටෙස්ට් තරගය සදහා කී‍්‍රඩා කිරීමට නියමිත බවයි නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ. සිය කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සිවුදෙනාට සිය දක්ෂතා ප‍්‍රදර්ශනයට කිරීමට අද ආරම්භ වන ටෙස්ට් තරගය හොද අවස්ථාවක් බවයි නායක දිමුත් කරුණාරත්න පැවසුවේ.

මිනෝද් භානුකට සහ අසිත ප‍්‍රනාන්දුට අද තරගයේ දී ටෙස්ට් වරම් හිමිවනු ඇති බවද දිමුත් කරුණාරත්න සදහන් කළා. දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ළහිරු තිරිමාන්න අංක 3 පිතිකරු ස්ථානයේත්, කුසල් මෙන්ඩිස් අංක 4 පිතිකරු ස්ථානයේත් කි‍්‍රඩා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ටෙස්ට් තරග 2කට සහභාගි විම සදහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඒ එංගලන්තයේ සිට විශේෂ ගුවන් යානයකින්. එම විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපොළ වෙත ළගා වූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. මේ වන විට එංගලන්ත කී‍්‍රඩකයින් දැඩි සෞඛ්‍ය රැුකවල් මැද හම්බන්තොට සුපිරි හෝටලයක් වෙත යොමුකර තිබෙනවා. 

මෙම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිත අතර එම තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල කී‍්‍රඩාංගණයේදියි. පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 14 වැනිදාත්, දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 22 වැනිදාත් ආරම්භ වනවා.