Thursday, March 28, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මකවූ විශ්වගේ පන්දුව 




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය දෙවන දිනට මේවනවිට කි‍්‍රයාත්මක වනවා. සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 34 ක්. 

ශ‍්‍රී ලංකා පිළ සිය පළමු ඉනිමට සියලූදෙනා දැවී රැස්කළේ ලකුණු 157 ක් පමණයි. ඊට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාව ලකුණු 302 ක් රැස්කළා. දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් ඩින් එල්ගා, ලකුණු 127 ක් රැස්කළ අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී විශ්ව ප‍්‍රනාන්දු, කඩුළු 05 ක් බිඳ හෙළුවා. 

ඒ අනුව ශ‍්‍රී ලංකා පිළ, දකුණු අපි‍්‍රකාවට වඩා තවත් කඩුළු 09 ක් අතැතිව ලකුණු 111 ක් පිටුපසින් සිිටිනවා.