Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිකට් ලොක්කන්ගේ ආදරය දිනූ කුසල් මෙන්ඩිස් අදත් බිංදුවට යයි - ලොව වේගවත්ම බිංදු වාර්තාවට තවත් අඩියක් පසුපසින්




සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා.

එහිදි සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොතේදි කඩුලු හතරක් දැවී ලකුණු 124ක් රැස් කර සිටිනවා. .

එහිදි තරගයේ දෙවන වරටත් දෙවෙනි ඉනිමේදීත් කුසල් මෙන්ඩිස්  ලකුණු බිංදුවට දැවී ගියා. ඒ ඔහුගේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ 23වන බිංදුවයි.

මේ වනවිට ලොව වේගවත්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ බිංදු 25ක් ලබා ගත් ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට කුසල් මෙන්ඩිස්ට අවශ්‍ය වී තිබෙන්නේ ඉනිම 15ක් තුල බිංදු දෙකකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකුගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රබල ආගමික පාදිලිවරයෙකුගේ දැවැන්ත අනුග්‍රයක් කුසල් මෙන්ඩිස්ට හිමිවන බවට පසුගිය සමයේ දිගින් දිගටම මාධ්‍ය මගින් හෙළිදරව් කළා.

කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වෙද්දී ඔහුට කණ්ඩායමේ අවස්තාවන් ලබා දීමට සම්බන්ධ මෙම පාදිලිවරයා සහ ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානීන් බවට එහිදී කියවුනා.