Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය කළඹන නව කොරෝනා වෛරසයට ඉන්දියාවේදී කෘතිම උපතක්




මේ දිනවල බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඉන්දීය පර්යේෂකයන් විසින් පර්යේෂණාගාරයක් තුළ කෘතිමව නිර්මාණය කර තිබේ.

අදාළ වෛරසය පිලිබද වැඩිදුර අධ්‍යයනය කිරීම සදහාත් ඊට ගැලපෙන ප්‍රතිකාර ක්‍රමවේද හදුනාගැනීම සදහාත් මෙම සොයාගැනීම අතිශය වැදගත් වන බව සදහන් වේ.

ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ප්‍රකාශ කරන්නේ නව කො⁣රෝනා වෛරස ප්‍රභේදය කෘතිමව නිර්මාණය කර ඒ පිලිබද පර්යේෂණය කරන ලොව පළමු අවස්ථාව මෙය බවයි.

මෙම නව වෛරස ප්‍රභේදය අසාදනය වූ පුද්ගලයන් තිස්දෙනෙකු පමණ මේ වන විට ඉන්දියාවෙන් හමුවී ඇති අතර ඔවුන් සියල්ලම බ්‍රිතන්‍යයේ සිට  පැමිණි අය බව සදහන් වේ.