Saturday, April 20, 2024

General line - 0115112241

කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වීම නිසා යුරෝපය යලි වසා දැමීමේ අවදානමක




2021 නව අවුරුදු උදාවත් සමග යුරෝපය යළිත් වසා දැමීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, යුරෝපා රටවල් රැසක තවදුරටත් අඛණ්ඩව කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් ඇති පසුබිමකයි. ඒ අනුව දැනටමත් දැඩි කොරෝනා රෙගුලාසි කි‍්‍රයාත්මක යුරෝපා රටවල් කිහිපයක්ම එම රෙගුලාසි තවත් දැඩි කරන්නේද? නැතහොත් රට වසා දමන්නේද යන්න සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. 

ඒ අනුව යුරෝපය යළි වසා දැමීමේ අවදානම තීව‍්‍ර කරමින් එංගලන්තය සති 06 ක කාලයක් සඳහා අද වසා දැමුණා. එසේම ස්කොට්ලන්තය ද අද රාති‍්‍රයේ අර්ධ වශයෙන් වැසෙන අතර අයර්ලන්තය හා වේල්සය ද පවතින්නේ දැඩි කොරෝනා රෙගුලාසිවලට යටත්වයි. 

මේ අතර නත්තල් සැමරුමට සමගාමීව ඉතාලියට පනවා තිබූ කොරෝනා රෙගුලාසි තවදුරටත් දීර්ඝ කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව ඉතාලියේ කොරෝනා රෙගුලාසි ලබන ජනවාරි මස 15 වනදා තෙක් බලපැවැත්වෙනු ඇති. අදාළ කාලසීමාව තුලදී ඉතාලි වැසියන්ට ඒකරාශීවීම් සීමාවනවා. රජයේ නව නියෝගය අනුව සෞඛ්‍ය හෝ රැුකියා හේතු හැර ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයකට ගමන් කිරීම ද තවදුරටත් තහනම් වෙනු ඇති. මත්පැන් අලෙවිසැල් හා ආපනශාලා විවෘත වන්නේ ආහාර ඇනවුම් ලබාදීම සඳහා පමණයි. 

මේ අතර දැනටමත් වසා දමා ඇති ජර්මනිය ද එම සීමා තවදුරටත් දීර්ඝ කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. ඒ අනුව ජර්මනිය තවදුරටත් වසා දමන්නේද යන්න සම්බන්ධයෙන් චාන්සලර් ඇන්ජලා මර්කල්, අද තීරණයකට එළඹෙනු ඇති. වසා දමා ඇති ජර්මනිය යළි විවෘත කිරීමට නියමිතව තිබුණේ ජනවාරි 09 වනදායි.