Thursday, March 28, 2024

General line - 0115112241

දිමුත්ගෙන් ක‍්‍රිකට් වාර්තාවක් - දකුණු අප‍්‍රිකාව ජය සමරයි




ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද සමත් වුණා. 

ඒ, දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 10 ක ජයක් ලබා ගනිමින්. තරගයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස්කළ ලකුණු 157 ට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාව ලකුණු 302 ක් රැස්කළා. ශ‍්‍රී ලංකා පිළට දෙවන ඉනිමේදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 211 ක් පමණයි. දකුණු අපි‍්‍රකාවට හිමිවූ ලකුණු 67 ක ඉලක්කය කිසිඳු කඩුල්ලක් නොදැවී ඔවුන් පසුකර ගියා.

ශ‍්‍රී ලංකා දෙවන ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරු වෙමින් නායක දිමුත් කරුණාරත්න, සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් රැස්කළා. ඔහු සැලකෙන්නේ දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු ශ‍්‍රී ලංකා නායකයා ලෙසයි. එමෙන්ම දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වන ආසියානු පිතිකරුවා ලෙස ද දිමුත් කරුණාරත්න වාර්තා අතරට එක්වුණා.