Saturday, April 20, 2024

General line - 0115112241

ඇප් හරහා ණයදීමේ වංචාවකින් ඉන්දියාව කැළ⁣ඹෙයි




ජංගම දුරකතන සහ පරිගණක ඇප් මගින් අනවසර ණය ලබාදීමෙන් සිදුව ඇති මහා පරිමාණ වංචාවක් හේතුවෙන් ඉන්දියාව කැළඹීමට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ නීති විරෝධී ඇප් මගින් ඉන්දීය රැපියල් කෝටි 21000 පමණ වටිනාකමකින් යුත් ණය ලබාදී ඇතැයිද එහිදී අනවසර හුවමාරැ  කෝටි 1.4 ක් පමණ සිදුව ඇතැයිද සදහන් වේ.

කො⁣රෝනා වසංගතය හමුවේ අන්තර්ජාල ක්‍රියාකාරකම් ඉහළයාම ප්‍රයෝජනයට ගනිමින් සිදුව ඇති මෙම නීති විරෝධී ගනුදෙනු සදහා යොදාගත් ඇප් 224 ක් මේ වනවිට හදුනාගෙන තිබේ.

මෙම වංචාවන්ට  සම්බන්ධ චීන ජාතිකයන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයන් 30 කට අධික පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 ඉන්දියානුවන් විශාල පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී සිට ඇතත් එහි මහ මොලකරැවන්  චීන ජාතිකයන් පිරිසක් බව ද ඉන්දීය බලධාරීහු සදහන් කරති.

මෙම වංචාව වැඩි වශයෙන්ම සිදුව ඇත්තේ තෙලංගානා ප්‍රදේශය ආශ්‍රිතව වන අතර එහිදී සිදුව ඇති අධික පොලී අයකිරීම් , ණය ආපසු ගෙවීමි වංචා කිරීම ආදිය හේතුවෙන්  පුද්ගලයන් පහලොවක් පමණ මේ වනවිට සියදිවි නසාගෙන ඇති බවත් තවත් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.