Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය හමුදාව අරාබිය දෙසට හැරෙයි




අරාබි රටවල් සමග ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දීය යුද හමුදාපති ජනරාල් මුකුන්ද් නර්රාවනේ පසුගියදා සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත විය.

එහිදී අදාළ රටවල් දෙකෙහි හමුදාපතිවරැන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් හමුවූ ඉන්දීය හමුදා ප්‍රධානියා ආරක්ෂක තොරතුරු හුවමාරුව ඇතුළු ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ආදාළ තීරණ රැසකට එලඹුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉතිහාසයේදී ඉන්දීය හමුදාපතිවරයෙකු සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව 
මෙය බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉදිරියේදී ඉන්දියාව තවත් අරාබි රටවල් රැසක් සමග මේ අන්දමින් ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.