Saturday, March 6, 2021

General line - 0115112241

චීන හිටපු මහ බැංකු අධිපතිට මරණ දඬුවම පැනවේ 

4984Views



චීන මහ බැංකුවේ හිටපු ප‍්‍රධානී ලැයි ශි ඕමින්ට එරට අධිකරණයක් මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා. ඒ, 2008 සිට 2018 දක්වා කාලය තුළ රාජ්‍ය මුදල් ඩොලර් මිලියන 277 ක මුදලක් වංචා කළ බවට ඔහු වරදකරු වීම හේතුවෙන්. 

ඔහුගේ අතිශය නීතිවිරෝධී කි‍්‍රයාකලාපය හේතුවෙන් චීනයේ ජාතික මූල්‍ය ආරක්ෂාව අවදානමට ලක්ව ඇති බැවින් එලෙස මරණ දඩුවම නියම කළ බවයි ටියැංජින්හි ද්විතියික අතරමැදි මහජන අධිකරණය ප‍්‍රකාශ කර ඇත්තේ.

මාස 05 ක කාලයක් විභාග වුණු නඩුවකින් පසු ඊයේ දිනයේ ඔහුට මරණ දඩුවම නියම කරමින් තීන්දුව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 

58 හැවිරිදි ලැයි ශි ඕමින් අල්ලස් හා මූල්‍යමය වංචා කිහිපයකටම වරදකරු බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here