විනිමය හුවමාරැ සදහා භාවිතා කරන චීන ජංගම දුරකථන යෙදවුම් අටක් ඇමරිකාව තුළ භාවිතය තහනම් කර තිබේ.
බීබීසී සේවය වාර්තා කර ඇත්තේ මීට අදාළ විධායක නියෝගයකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇති බවයි.
ඒ අනුව දින හතලිස් පහකින් පසු අලි පේ,වී චැටි පේ සහ කිවිකිවි වොලට් ඇතුලු විනිමය හුවමාරැ සදහා භාවිතා කෙරෙන යෙදවුම් අටක් ඇමරිකාව තුළ භාවිතය තහනම් වේ.
මෙම ඇප් හරහා ඇමරිකානුවන්ගේ ආරක්ෂිත සහ රහස්‍ය දත්ත ඒකරාශි කරගැනීම සිදුවන බැවින් මෙම තහනම පනවන බව ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගයේ සදහන්ව ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙරද චීන සමාගම් රැසකට ඇමරිකාව තුළ ක්‍රියාත්මක වීමට අදාළව විවිධ තහනම් සහ සීමා පැනවෙන විධායක නියෝග රැසකට අත්සන් තබා තිබේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here