Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියානුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම ජනවාරි 13 වනදා සිට




සිය රට තුල කෝවිඩ් එන්නත ලබාදීමේ වැඩපිලිවෙළ ජනවාරි 13 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

⁣මූලික අදියරේ දී සෞඛ්‍ය සේවකයන් මිලියන දහයකටද  වෙනත් ඉදිරිපෙළ අත්‍යාවශ්‍ය සේවකයන් මිලියන විස්සකටද එන්නත ලබාදීමට නියමිතයි.

විවිධ දුබලතාවලින් යුත් වයස අවුරැදු පනහට වැඩි මිලියන 270 ක පමණ පිරිසකට ඊලග අදියරේ දී එන්නත ලබාදීමට කටයුතු යොදා තිබේ.

මීට අදාළ දත්ත දැනටමත් රැස්කර ඇති බවත්, පසුගිය දිනවල පැවැත්වූ පෙරහුරැවලදී එන්නත්කරණය වැඩපිලිවෙළ පිලිබද සැලසුම් සාර්ථකව අත්හදා බලා ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

කොරෝනාවලට  එරෙහිව නිපදවා ඇති එන්නත් දෙකක් සීමිත භාවිතය සදහා යොදාගැනීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පසුගිය 03 වනදා අවසර ලබාදුන්හ.