Thursday, March 28, 2024

General line - 0115112241

අලිබබා ජැක් මා ගැන ලෝකයේම අවධානය




අලිබබා ව්‍යාපාරයේ ප්‍රධානියා මෙන්ම ලෝකයේ ඉහළම වත්කම් ඇති ව්‍යාපාරිකයෙකු වන ජැක් මා   ගේ හදිසි නිහඩ බව ලෝකයේම අවධානයට යොමුව තිබේ.

ඇතැම් විදෙස් මාධ්‍ය  ඔහු අතුරැදන්ව  ඇතැයි වාර්තා පලකළද බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ආරක්ෂිතව එහෙත් නිහඩව පසුවන බවයි.

පසුගියදා ෂැන්හැයි හි පැවති සම්මන්ත්‍රණයකදී චීනයේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේ දැඩි විවේචනයක නිරත විය.

මේ හේතුවෙන් ඔහු චීන බලධාරීන්ගේ කෝපයට ලක්ව ඇති බවට වාර්තා පළවී ඇත.

ඇතැම් විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජැක් මා චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ අනතුරක් පවතින බවයි.