Wednesday, April 24, 2024

General line - 0115112241

කි‍්‍රකට් නිලවරණයේ වගකීම ති‍්‍රපුද්ගල කමිටුවකට පැවරෙයි




ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ඊයේ රැස් වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන අති විශේෂ මහා සභා රැස්වීමේදීයි. කි‍්‍රඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව මෙම නිලවරණ කමිටුව පත්කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ. 

අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කිහිපයක ප‍්‍රධාන ලේකම්වරයෙකු ලෙස කටයුත කළ ආචාර්ය එම්.ආර්. දිසානායක කි‍්‍රකට් නිලවරණ කමිටුවට පත්කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන සාමාජිකත්වය විසින් ඒකමතිකව මෙම පත් කර ගැනීම සිදු කළ අතර, තේරී පත් වූ මෙම කමිටුවට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ වගකීම පැවරෙනු ඇති. කොළඹදී ඊයේ පැවැති අති විශේෂ මහා සභා රැස්වීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වූ බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.