Thursday, April 25, 2024

General line - 0115112241

පතල් කම්කරුවන්ගේ ඝාතනයට එරෙහිව  පකිස්තානයේ විරෝධතා උත්සන්න වෙයි




පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ මැක් ප්‍රදේශයේ දී ගල්අගුරැ ආකර කම්කරුවන් 11 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව පකිස්තානය පුරා විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.

ඉස්ලාමාබාද් අගනුවරින් ඇරඹි විරෝධතා කරච්චි සහ ගිල්ගිටි නගරවලටත් ව්‍යාප්ත වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අගමැති ඉම්රාන් ඛාන් සමග සාකච්ඡාවක් ඉල්ලා සිටින ඉස්ලාමාබාදයේ විරෝධතාකරැවන් එතෙක් ඝාතනයට ලක්වූවන්ගේ   භූමදාන කටයුතු සිදුකිරීමද ප්‍රතික්ෂේප කර තිබේ.

අන්තවාදී ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින්  පසුගියදා හසාරා ෂියා සුලු වාර්ගික පතල් කම්කරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස්  ඝාතනය කර තිබිණ.

මෙම ඝාතනවලට මූලික හේතුව  පකිස්තානයේ පවතින අනාරක්ෂිතභාවය බවත් ඊට අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව වගකිව යුතු බවටත් අවාමි නැෂනල් ලීගය සහ ඛාන් ක්වාමි පක්ෂ චෝදනා නගා ඇත.