ඉන්දියාවේ එකම බෞද්ධ පරිපාලන ප්‍රදේශය ලෙස සැලකෙන ලඩාක් විශේෂ පරිපාලන කලාපයේ මහජන නියෝජිතයන් එරට මධ්‍යම රජය වෙත විශේෂ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර තිබේ.
පසුගියදා දිල්ලියේදී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා හමුවූ දස දෙනෙකුගෙන් යුත් ලඩාක් ප්‍රධානීන් මෙම ඉල්ලීම් මාලාව ඉදිරිපත් කර ඇත.
ලඩාක්හි භාෂාව,සංස්කෘතිය සහ ඉඩම් ආරක්ෂා කරදීම එම ඉල්ලීම් අතර කැපී පෙනේ.
එම ඉල්ලීම් ඉටුකිරීමට පොරොන්දු වී ඇති ඉන්දීය බලධාරීන් ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.
වසර ගණනාවක් පුරා ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ කොටසක්ව පැවති ලඩාක් ප්‍රදේශය ඉන් ඉවත්කොට වෙනම විශේෂ පාලන ප්‍රදේශයක් ලෙස ස්ථාපිත කරනු ලැබුවේ මෑතකදීය.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here