Saturday, April 20, 2024

General line - 0115112241

අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර කි‍්‍රකට් වරම්




ශීී‍්‍ර ලංකා දග පන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර කිි‍්‍රකට් පිටියට පිවිසීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නීත්‍යානුකූල බවට තහවුරුවීම හේතුවෙන්.

ඒ අනුව අකිල ධනංජයට ඉදිරියේ දී ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමට හැකියාව ලැබෙනු ඇති. ඔහුගේ පන්දුයැවීමේ නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ඉකුත් 22 වනදා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ලබාදී තිබුණා. එම වීඩියෝ දර්ශනවලට අනුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි තහවුරු වී ඇත්තේ. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට අවස්ථා දෙකකදී තහවුරු වුණා.

ඒ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී සහ  2019 වසරේ සැප්තැම්බර් මාසයේදී යි. ඒ අනුව 2019 වසරේ සැප්තැම්බර් 19 වනදා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් වසරක කාලයක් අකිල ධනංජයට පන්දු යැවීමේ තහනමක් පනවනු ලැබුවා. යම් පන්දු යවන්නෙකු වසර දෙකක කාලයක් තුළ දී දෙවරක් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකින් අසමත් වුවහොත් ඔහුට මාස 12 ක් පන්දු යැවීමේ තහනමක් ජගත් කි‍්‍රකට් කවුන්සලය විසින් පනවනවා.

අදාළ වසරක තහනම ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන් වූ අතර, ඒ අනුවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අදාළ දර්ශන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ඉකුත්දා යොමුකර තිබුණේ.