Friday, March 29, 2024

General line - 0115112241

සුගතදාස කී‍්‍රඩාංගණ සේවකයින්ගෙන් කොරෝනා මැසිවිල්ලක්




සුගතදාස කී‍්‍රඩාංගණයේ පාලනාධිකාරිය විසින් කොරෝනා අවදානම් ප‍්‍රදේශවල සිටින සහ හුදකලා ප‍්‍රදේශවල සිටින සිය සේවකයින් සේවයට කැදවා ඇතැයි එහි සේවකයින් චෝදනා කරනවා.

සුගතදාස කී‍්‍රඩාංගණයේ පොදු සේවක සංගමය පවසන්නේ එලෙස අවදානම් ප‍්‍රදේශයක සිට සේවයට කැදවූ සිය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇති බවයි.

පවතින අවදානම් තත්වය පිළිබද සුගතදාස කී‍්‍රඩාංගණයේ පාලනාධිකාරිය දැනුවත් කළද ඔවුන් ඊට අවධානය යොමු නොකරන බවයි සුගතදාස කී‍්‍රඩාංගණයේ පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් එන් ජී කරුණාතිලක නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.