Saturday, April 20, 2024

General line - 0115112241

නැදුන්ගමුවේ රාජා මාවනැල්ලේ සිට කඩුගන්නාව දක්වා පයින්ම ආ හැටි (PHOTOS)




මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා හස්තියා අද (07) උදෑසන මාවනැල්ලෙන් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව බලා පිටත්ව වුයේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අනතුරුවයි.

නැදුන්ගමුවේ රාජා මහනුවරට යන්නට කලින් මෙවර අවසන් නවාතැන් පොළ වුයේ මාවනැල්ල, මාවෙල, හිගුල මල්වතු මහා විහාරයයි.

පසුව කඩුගන්නාව රොක් විව් හෝටල් භූමිය දක්වා පැමිණ එහි පැයක පමණ නවාතැන් ගෙන නුවර බලා පිටත්ව යන විට දහවල් 12.30 පමණ පසුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නැදුන්ගමුවේ රාජා හස්තියා දැක ගැනීම සඳහා මග දෙපස විශාල පිරිසක් ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

raja www.nethnews.lk0001 raja www.nethnews.lk0002 raja www.nethnews.lk0003 raja www.nethnews.lk0004 raja www.nethnews.lk0005 raja www.nethnews.lk0006 raja www.nethnews.lk0007 raja www.nethnews.lk0008 raja www.nethnews.lk0009 raja www.nethnews.lk0010 raja www.nethnews.lk0011