Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට පිතිකරුවන් සොයා ගැනීමේ අර්බුදයක්




ශ‍්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දුට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා ඒ, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන්. 

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සදහා කි‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ ද අවිශ්ක ප‍්‍රනාන්දු ඊට ඇතුළත්ව සිටියේ නැහැ. කෙසේවෙතත්, නිමාවූ දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් රැසක් ආබාධවලට ලක්වීමත් සමග අවිශ්ක ප‍්‍රනාන්දු 
ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැදවීමට කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගත්තා. 

තරග 2කින් යුත් ශී‍්‍ර ලංකා - එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.