Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාවේ මිලියන 300 කට කොරෝනා එන්නත් සූදානම් කරයි




කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට ඉන්දියාව මේවනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ජනවාරි 16 වනදා සිය කොරෝනා මර්ධන එන්නත්කරණය ආරම්භ කරන බවයි ඉන්දීය රජය පවසන්නේ. එළඹෙන ජූලි මාසය වනවිට එම එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමටයි නියමිතයි. එම කාලය තුළදී මේවනවිට බිලියන 1.3 ක් වන ඉන්දීය ජනගහනයෙන්, මිලියන 300 කට පමණ කොරෝනා මර්ධන එන්නත ලබාදෙනු ඇති. 

ඉන්දියාව මේවනවිටත් කොවිෂීල්ඞ් සහ කොවැක්සින් නමින් කොරෝනා මර්ධන එන්නත් 02 ක් නිපදවා තිබෙනවා. එන්නත්කරණ වැඩසටහනේදී සෞඛ්‍ය සේවා සහ අවදානම් කාණ්ඩ සඳහා ප‍්‍රමුඛත්වය ලබාදීමට නියමිතයි. 

අමෙරිකාවෙන් පසු ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් සහ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.