Thursday, April 25, 2024

General line - 0115112241

පකිස්තානු ඩයස්පෝරාව යුරෝපා නායකයන්ගෙන් ආරක්ෂාව ඉල්ලයි




යුරෝපා රටවල රැදී සිටින දහස් ගණනක් වන පකිස්තානු සරණාගතයන් තමන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි එම රටවල නායකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඒ කැනඩාවේ සරණාගතයකු ලෙස රැදී සිටි පකිස්තානයේ බලුකිස්තාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ කරීමා බලුච්ගේ අභිරහස් මරණයත් සමගිනි.

පකිස්තාන ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිසක් කරීමා බලුච් ඝාතනය කර ඇති බවට චෝදනා කරන එම ඩයස්පෝරා සාමාජිකයන් තමන්ගේ ජීවිතද අනතුරැදායක බව යුරෝපා නායකයන්ගේ අවධානයට යොමු කර ඇත.

මෙම ඝාතනයට එරෙහිව ජර්මනිය , ප්‍රංශය , නෙදර්ලන්තය ඇතුලු යුරෝපා රටවල් රැසක ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම ඩයස්පෝරා සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන්  විරෝධතාවයන්ද පැවැත්විණ.

විදේශගතව ජීවත්වන,පකිස්තාන ඩයස්පෝරාවට, ෂියා,හසාරා, බලුච්,කතෝලික, හින්දු ආදි සුලු කොටස් මෙන්ම මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයන් ආදි විවිධ පිරිස් අයත් වෙති.