Tuesday, April 23, 2024

General line - 0115112241

චීන වැසියන්ට කොරෝනා එන්නත නොමිලේ




සියලූ පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන පිරිවැය සිය රජයට දැරිය හැකි බවයි චින බලධාරීන් සඳහන් කළේ. ඒ අනුව සාමාන්‍ය ජනතාව කොරෝනා එන්නත සඳහා සතයක්වත් වියදම් කළ යුතු නොමැති බවයි චීන බලධාරීන් පවසන්නේ. ඒ අනුව එන්නත් සඳහා දැරිය යුතු පිරිවැය ජාතික වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රජයේ අරමුදල් මගින් ආවරණය කෙරෙනු ඇති. චීනය මේවනවිටත් කොරෝනා මර්ධන එන්නතක් නිපදවා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නිකුත් කර නැහැ. 

කෙසේවෙතත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ චීනයේ උතුරු දිග හෙබෙයි ප‍්‍රදේශය මේවනවිටත් දැඩි කොරෝනා රෙගුලාසිවලට යටත්ව වසා දමා තිබෙනවා. 

මේ අතර මේවනවිට ලොව පුරා රටවලින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 09 ඉක්මවා තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිතයින් හත්ලක්ෂ 27,131 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව මේවනවිට ලොවපුරා රටවලින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නව කෝටි 86,549 ක්. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මරණ දහනව ලක්ෂ 34,939 ක් සිදුව තිබෙනවා.