Thursday, March 28, 2024

General line - 0115112241

චීනයෙන්  බ්‍රිතාන්‍යයට දෝෂාරෝපණයක්




රටේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කෙරෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් තම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන බවට චීනය  බ්‍රිතාන්‍යයට චෝදනා එල්ල කොට තිබේ.

ඒ පසුගියදා, ජාතික ආරක්ෂක නීතිය යටතේ හොංකොංහි දේශපාලඥයන් සහ සමාජ ක්‍රියාකාරිකයන් 50 ක් පමණ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය විසින් විරෝධය,පළකිරීමත් සමගය.

අදාළ,අත්අඩංගුවට ගැනීම් හෙළා දු⁣ටු  බ්‍රිතාන්‍යය විදේශ ලේකම් ඩොමිනික් රාබ් සදහන් කළේ චීනයේ මැදිහත්වීමෙන් කෙරෙන මෙවැනි අත්අඩංගුවට ගැනීම් වසර ගණනාවක් පුරා හොංකොංවාසීන් භුක්ති විදි ප්‍රජාතන්ත්ත්‍රවාදී  නිදහස අහිමි කිරීමක් බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශික හූ චන්යුන්ග් ප්‍රකාශ කර ඇත්තේ හොංකොං දේශය,චීනයේ කොටසක් බවත් බ්‍රිතාන්‍යය දැන් යටත් විජිත මානසිකත්වයෙන් මිදිය යුතු බවත්ය.

කෙසේවෙතත් හොංකොංහි චීන ජාතික ආරක්ෂක නීතිය  ක්‍රියාත්මක කරමින් චීනය එරට විපක්ෂ ක්‍රියාකාරිකයන් මර්දනය කිරීමේ නිතරව සිටින බවට මේ වනවිට රටවල් සහ සංවිධානය ගණනාවකින් විරෝධය නැගී තිබෙි.