Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාව සෙල්ලම් බඩු විශ්ව විද්‍යාලයක් තනයි




නවීන තාක්ෂණය යොදාගෙන ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ද ඇතුළත් ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන කලාපයක් ඇති කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

දුරස්ථ පාලක මගින් ක්‍රියාකරන ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා මෙම කලාපය සම්පූර්ණයෙන්ම වෙන් කර තිබේ.

අක්කර 400 ක භුමියක් පුරා ඉදිකෙරෙන  මෙය පිහිටා ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ කොප්පාල් දිස්ත්‍රික්කයේ බහාත්පූර් ප්‍රදේශයේයි.

මෙමගින් නව රැකියා අවස්ථා තිස්දහසක් පමණ ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙමගින් දේශිය මෙන්ම  ජාත්‍යන්තර වෙළෙදපළ ඉලක්ක කරගෙන ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට නියමිතයි