Friday, March 29, 2024

General line - 0115112241

වැරදි වැඩ කරන බවට චීනයෙන් ඇමරිකාවට චෝදනා




තමන්ට එරෙහිව යමින් ,  තායිවානය සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවට චීනය ඇමරිකා එක්සත් ජනපදය වෙත චෝදනා කර තිබේ.

චීනයේ තායිවාන සබදතා පිලිබද ප්‍රකාශක සූ ෆැන්ග්ලියන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව දිගින් දිගටම තායිවානය සමගින් මෙලෙස වෙනම රාජ්‍ය තාන්ත්‍රික සබදතා පැවැත්වීම එක් චීනයක් ප්‍රතිපත්තියට පටහැනි බවයි.

චීනයේ මෙම ප්‍රකාශයට හේතුවී ඇත්තේ ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කෙලී ක්‍රාෆ්ට් ලගදීම තායිවානයේ සංචාරය කරන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කර ඇති ප්‍රකාශයයි.

චීනය කොපමණ චීනය කොතරම් විරෝධය දැක්වුවද ඇමරිකාව තායිවානය සමග අඛණ්ඩව සබදතා පවත්වාගෙන යන බවයි.

කෙලී ක්‍රාෆ්ට් මාස හයක කාලයක් තුළ තායිවානයේ සංචාරය කරන තුන්වන ඉහළ පෙළේ ඇමරිකානු නියෝජිතයා වන අතර චීනය කුපිත කරවීම සදහා ඇමරිකාව වරින්වර මෙලෙස තම නිලධාරින් තායිවානය බලා යොමු කරන,බවට විදෙස් විශ්ලේෂකයෝ අනාවරණය කරති.