Tuesday, January 26, 2021

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව හදන්න නව පත්කිරීමක්

592Views



ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු ලෙස දකුණු අප‍්‍රිකානු ජාතික ග‍්‍රාන්ට් ලූඩන් පත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ ඊයේ සිට ඔහුගේ සේවය බලපැවැත්වෙන බවයි.

ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන්ට ජාතික තලයේ පසුවන ක‍්‍රිඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීමේ වගකීම පැවරෙනු ඇති. එමෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ පවතින සමස්ථ කණ්ඩායම් සියල්ලෙහි ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව ද ඔහු කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ කොන්ත‍්‍රාත්තුවකට එළැඹීමට පෙර 2014 වසරේ සිට 2019 වසර දක්වා වූ කාල සීමාවේදී ග‍්‍රාන්ට් ලූඩන් පාකිස්තානු ක‍්‍රිකට් කණ්ඩායමේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙනවා.

2008 සහ 2013 කාල සීමාවේදී බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ පුහුණුකරු ලෙසින් ද ඔහු කටයුතු කර තිබුණා. ජාත්‍යන්තර අත්දැකීම්වලට අමතරව ලූඩන් දකුණු අප‍්‍රිකානු පළමු පෙළ කි‍්‍රකට් තරගාවලිය නියෝජනය කරනු ලබන නෂුවා ටයිටෑන්ස් සහ බී.පී.එල්. ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේ ද ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. 

දකුණු අපි‍්‍රකානු තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් රැසක් ආබාධවලට ලක් වූ අතර එම තත්වයන් මගහරවා ගැනීම සදහා දකුණු අප‍්‍රිකානු ජාතික ග‍්‍රාන්ට් ලූඩන්ගේ අත්දැකීම් ලබා ගැනීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here