Tuesday, January 26, 2021

General line - 0115112241

මන්ත්‍රී රංජන් රාමණායකට වසර 04ක සිර දඬුවම් 

7190Views



පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග  කළා.

ශ්‍රී ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවත් ඔවුන් මුදල් වලට වැඩ කරන බවට රංජන් රාමනායක හිටපු ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඔහු අවස්ථා ගණනකදී එනම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ මහතා පවසා සිටියා.

එම ප්‍රකාශය තමා කිසිම හේතුවක් මත ඉවත් නොකරගන්නා බවට විත්තිකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවත් මෙම කරුණු අධිකරණයේ කැඳවූ සාක්ෂි වලින් සනාථ වන බවත් විනිසුරු සිසිර ද ආබෲ මහතා වැඩිදුරටත් පවසා සිටියා .

අද දින මෙම නඩුව සිසිර ද ආබෲ, විනිසුරු  විජිත් මළල්ගොඩ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අතර ඔවුන්ගේ ඒකමතික අනුමැතියෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන ලදී .

මෙම තීන්දුව වහා ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබුවා.

2017 වසරේ අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරනයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here