Thursday, April 25, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ගේ බිරිදත් කරළියට




පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිද වන බුෂ්රා බිබී හදිසියේ දේශපාලන කටයුතුවලට මැදිහත්වීම පාර්ශව කිහිපයකම වි⁣රෝධතාවය⁣ට හේතු වී  ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට තරැණ කණ්ඩායම් සහ කාන්තා ක්‍රියාකාරිනියන් ඇයගේ මෙම මැදිහත්වීම් තරැණ සහ කාන්තා අයිතිවාසිකම් මර්දනය කිරීමක් ලෙස දකින බවයි.

එමෙන්ම බුෂ්රා බිබීගේ මෙම දේශපාලන ආගමනය එරට පාලක පක්ෂය වන පකිස්තාන තරෙක් ඊ ඉන්සාෆ් හෙවත් පීටීඅයි පක්ෂයේ ද කැළඹීමකට හේතුවී ඇතැයි සදහන් වේ.

ඒ ඇය විසින්, ඇයට හිතවාදී පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් පක්ෂය තුළ නිර්මාණය කර ගැනීම බවත් ඊට පැරණි පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් විරෝධය දක්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේ නව දේශපාලන ආගමනය ඉම්රාන් ඛාන්ගේ පැවැත්වමට වාසියකට වඩා අවාසියක් ඇති කරනු ඇති බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.