Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාවේ ප්‍රහාරක යානාවලට ඇමරිකාවෙන් තටු




ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනය ඇතුලු නවීන යුද උපකරණ නිෂ්පාදනය සදහා   ඉන්දියාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ ඇමරිකානු තානාපති කෙනෙත් ජස්ටර් මේ බව ප්‍රකාශ කර ඇත්තේ නවදිල්ලියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

⁣මෙහිදී ඇමරිකානු තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඉන්දීය දේශසීමා ආශ්‍රිතව චීනයේ ආක්‍රමණශීලි හැසිරීම පාලනය  කිරීම සදහා ඉන්දීය යුද ශක්තිය නැංවීම  අත්‍යවශ්‍ය බවයි.

ඒ සදහා අවශ්‍ය ප්‍රහාරක යානාවල සිට අනෙකුත් සෑම යුද උපකරණයක්ම නිෂ්පාදනය කළ යුතු බවත් ඊට අවශ්‍ය උපරිම තාක්ෂණික සහ සෙසු සහය ඉන්දියාව වෙත ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවටත් තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක කටයුතුවලදී ඇමරිකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කිරීම ලෝකයටම තීරණාත්මක ප්‍රවෙිශයක් බවද තානාපති කෙනෙත් ජස්ටර් මෙහිදී සදහන් කර ඇත.